එක්තරා ඉංග්‍රීසි FM එකක් ප්‍රචාරය කරන පරිදි ලබන අප්‍රේල් 24 වෙනිදා ලංකාවට Akon එනවලු.
මේක අහලා අපේ සමහර පොරවල් වලට මාර චුන් ය. උන් එලකිරි එකේ, Facebook එකේ දාන comments වලට අනුව උන්ට එදා වෙනකම් නින්ද යන්නේ නැතිලු. සමහරු දැම්ම ඉදන්ම නොකා නොබී ගන්න සල්ලි එකතු කරනවලු. හැබැයි Akon ගේ නිල වෙබ් අඩවියේ නම් තවම එහෙම concert එකක් ගැන සදහනක් නෑ. මේකත් තවත් මගඩි නාටකයක් විතරද දන්නෙත් නෑ.
ඒත් පහු ගිය කාලේ ෂැගී, Venga Boys, ෂාරුක් ඛාන් concert යි, මෑතකම තිබ්බ Hikka Fest එකෙනුයි පස්සේ අපේ සමහරු කෑගහපු, පෙළපාලි ගිය, උද්ඝෝෂණ කරපු විදියට, මේ වගේ බාබාලන්තේකට Akon වගේ එකෙක් ව දිරව ගන්න
[ ... ]